වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් 03ක් වසා දැමේ.

Covid School closed Thrinco
By Aruna Apr 23, 2021 07:45 AM GMT
Aruna

Aruna

Report

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස කීපයක පාසල් තුනක් දින නියමයක් නැතිව වසා දැමූ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා පවසයි.

මහඔය අධ්‍යාපන කලාපයේ කුඩා හරස්ගල විදුහලේ සිසුන් කීප දෙනකුට කොරෝනා වයිරසයට ආසාදනය වීම නිසා එම පාසල වසා දමා ඇති අතර ත්‍රිකුණාමලය අභයපුර විදුහලේ විදුහල්පතිවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එම විදුහල ද වසා දමා ඇත.

චීනවරාය දෙමළ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිට හා ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම එම විදුහලද වසා දැමූ බව පළාත් ලේකම්වරයා කීය.

තවත් පාසල් තුනකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා එම සිසුන්ගේ පන්තිකාමර පමණක් තාවකාලිකව වසා දමා ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න  ගගන whatsApp,වෙත පිවිසෙන්න.

https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb