නීති කැඩූවන් 11000ක්..."ජ.වි.පෙ." ටත් පොලිසියෙන් රතු එළියක්.
Covid
Police
Janatha vimukthi peramuna
Ajithi Rohana
By Aruna
නිරෝධයන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 493 දෙනෙකු ගතවු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා එම නීති උල්ලංඝනය කළ 10,906 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
නිසි ලෙස මුහුණු ආවරණය සිදුනොකිරීම, පළාත් සීමාවන් උල්ළංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකිර්ණය ආසන්නයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (19) සංවිධානය කර තිබු විරෝධතාවය සම්බන්ධයෙන් නිරෝධායන නීති යටතේ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඒ අනුව වැලිකඩ පොලීසිය විසින් අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |