කොරෝනා නැතැයි මුදාහැරි මළ සිරුර නැවතත් රෝහළට

sri lanka Covid death covid related deaths
By Sithumi May 14, 2021 11:42 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා මළ සිරුරක් වැරදීමකින් මුදාහැර මල්ශාලාවේ එම්බාම් කරන අතරතුර නැවත පානදුර මූලික රෝහලට රැගෙන යාමේ සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වෙයි.

මෙසේ නැවත රෝහල වෙත රැගෙන විත් ඇත්තේ , පානදුර , වත්තල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු ගේ මළසිරුරක් බව පැවසේ. පසුගිය 12 දා රාත්‍රි මියගිය පුද්ගලයාගේ මළ සිරුර පානදුර මූලික රෝහලේ දී පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර , ඔහුගේ පවුලේ අයවලුන්ට කොරෝනා තත්ත්වයක් නිරෝධායනයට ලක්ව නොමැති බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් ලබාදුන් නිර්දේශයකට අනුව පි.සී.ආර් වාර්තාව ලැබීමට ප්‍රථමයෙන් .දේහය ඥාතීන්ට මුදාහැර තිබේ .

ඒ අනුව මෘත දේහය පානදුර , පල්ලිය මුල්ල ප්‍රදේශයේ මල් ශාලාවකට රැගෙන ගොස් එම්බාම් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. එම අතරවාරයේදී ලැබී ඇති පී.සී.ආර් වාර්තාවට අනුව , මියගොස් ඇති පුද්ගලයාට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරුව, කලබල වූ රෝහල් කාර්ය මණ්ඩලය වහා මල්ශාලාව වෙතගොස් වෙත ගොස් නැවත මෘතදේහය පානදුර මූලික රෝහල වෙත රැගෙන විත් ඇතැයි වාර්තාවෙයි .

ඒ අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මල්ශාලාවේ කාර්ය මණ්ඩලය සහ නිවැසියන් දින 14 ක් නිරෝධායනයට ලක්කර තිබේ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now