මාර්ගයක වැටී සිටියදී රෝහල්ගත කළ පුද්ගලයෙකු මියයයි – කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙයි

sri lanka covid 19 Covid death helth wennappuwa
By Sewvandhi May 03, 2021 09:16 AM GMT
Report

මාර්ගයක ඇද වැටී සිටිය දී ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයෙක්ගේ පසුව සිදුකරන ලද PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. එසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව – බුජ්ජම්පොළ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙක්.

ඔහු පොල් කැඩීම තම ජීවන වෘත්තිය ලෙස සිදුකර තිබෙනවා. පසුගිය 02 වනදා සවස ඔහු වෙන්නප්පුව-බුජ්ජම්පොළ ප්‍රදේශයේ මාර්ගයක වැටී සිටියදී 1990 ගිලන් රථයක ආධාරයෙන් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබුණා. නමුත් රෝහල්ගත කර සුළු වේලාවකින් ඔහු මියගොස් තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now