නව කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න..

Covid Colombo Galle Gampaha Corona patios arias
By Aruna May 14, 2021 06:34 AM GMT
Aruna

Aruna

Report

 කොවිඩ් -19 ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) වාර්තා වී ඇත.

එම සංඛ්‍යාව 643කි. කෙසේවෙතත් මීට පෙර කොවිඩ් -19 ආසාදිතයින් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා නොවූ උතුරු මැද පළාතෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 200 කට වැඩි සංඛ්‍යාවක් ද වාර්තා වී තිබේ.

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 24 කින් කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන ඇත. අනුරාධපුරයෙන් 126ක් සහ පොළොන්නරුවෙන් 80ක් ද ආසාදිතයින් වාර්තා වී තිබුණි.

මේ අතර රත්නපුරයෙන් 174ක්, ගාල්ලෙන් 135ක්, කුරුණෑගලින් 100ක්, කළුතරින් ආසාදිතයින් 121ක් ද වාර්තා වී ඇත.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 301 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කෑගල්ලෙන් 91ක් නුවරඑළියෙන් 67ක්, මහනුවරින් 61ක් ලෙසද ආසාදිතයින් වාර්තා විය.

මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ දිනය තුළ මෙරට පුද්ගලයින් 73,955 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.

එහිදී කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 9,695 දෙනෙකුට සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 64,260 දෙනෙකුට ලබා දුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. ඒ අනුව කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට පුද්ගලයින් 1,154,795 දෙනෙකුට පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබේ.

එමෙන්ම මෙරට පුද්ගලයින් 214,525 දෙනෙකු සඳහා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

මීට අමතරව මෙරට වෙසෙන චීන ජාතිකයින් 2,435 දෙනෙකු සඳහා සයිනොෆාම් එන්නතේ පළමු සහ දෙවන යන මාත්‍රාව ලබාදී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now