සුව වූ කොවිඩ් ආසාදිතයන්ට තවත් මාරාන්තික රෝගයක් වැළඳෙයි

Covid 19 Helth Indea
By Sithumi May 09, 2021 10:50 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වසංගතය හමුවේ දරුණු පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතර දුර්ලභ මෙන්ම මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා .

මෙම කළු පුස් ආසාදනය කණ, නාසය සහ උගුර ආශ්‍රිතව හට ගෙන ඇස් සහ මොළය දක්වාම පැතිර යා හැකි බවයි මේ වන විට වාර්තා වී තිබෙන්නේ. මෙලෙස කොරෝනා ආසාදිතව සිට කළු පුස් රෝගයට ගොදුරු වූ 25 හැවිරිදි තරුණියකගේ දිවි බේරා ගැනීම සඳහා ඇයගේ ඇසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් ද සිදුකර ඇති බව වැඩි දුරටත් සඳහන් වනවා.

මේ වන විට ඉකුත් දින 15 තුළ මෙම කළු පුස් රෝගයට ගොදුරු වූ සුව වූ කොරෝනා ආසාදිතයින් 12ක් හඳුනාගෙන තිබෙන අතර මෙමගින් 50%ක් මරණයට පත් වීමේ අවදානමක්ද පවතින බවයි වෛද්‍යවරුන්ගේ මතය වන්නේ