දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් අද හමුවෙයි..මරණ ගණනත් ඉහළට.

Corona Shavendra silva
By Aruna May 05, 2021 05:09 PM GMT
Report

 අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1939 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ විදේශයන්හි සිට පැමිණි 42ක් සමගයි.

එම ප‍්‍රමාණය දිනක වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

ඔවුන් සමඟ මෙරට ආසාදිත ප්‍රමාණය 118,746 දක්වා ඉහළ යයි.

මේ අතර අද දිනයේ කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු මරණයට පත් වූ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 720 දක්වා ඉහල ගියා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx