කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ මෙන්න.

Covid Corona Colombo Galle Gampaha
By Aruna May 05, 2021 03:10 AM GMT
Aruna

Aruna

Report

ගෙවුණු දිනයේ (4) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතරින් 54 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති බවත් ඉතිරි ආසාදිතයින් 1860 දෙනා දේශීයව හඳුනා ගෙන ඇති බවත් ය.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 24 කින් ම ආසාදිතයින් හඳුනා ගෙන ඇති අතර එකදු අසාදිතයෙකු හෝ වාර්තා නොවූ දිස්ත්‍රික්කය වන්නේ, මොනරාගලයි.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 542 කි.

ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 531 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 ක් ලෙස වාර්තා වී තිබේ.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115,590 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 15728 කි.

ඊයේ (4) දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 944 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග සමස්ත ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස 99153 ක් දක්වා ඉහළ ගියේ ය.

පසුගිය පැය 24 තුළ මෙරටින් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති අතර සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, 709ක් ලෙසයි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 101 ක් තුළ පුද්ගලයින් 10,014 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි. 


GalleryGalleryGalleryGalleryGalleryGallery