එකම ආසාදිතයෙකු දෙවරක් පැන යයි

covid 19 Covid pations sri lanka covid Homagama hospital
By Sewvandhi May 15, 2021 09:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙක් ඊයේ (14) පෙරවරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි.   

යාබද නිවසක් අසල රැඳී සිටි ආසාදිතයා සොයාගෙන යළි රෝහල්ගත කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තත් ඔහු නැවතත් ඊයේ පස්වරු 3ට පමණ රෝහලෙන් පළාගොස් ඇත.

පසුව රෝහල් පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුව එම ආසාදිත පුද්ගලයා රෝහලට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත දුම්රිය ස්ථානයට යාබද නිවසක් අසල රැඳී සිටියදී සොයාගෙන තිබේ. ඒ අනුව එම ආසාදිත පුද්ගලයාව යළි රෝහලට ඇතුළත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now