කොරෝනා ආසාදිත වූ හය දෙනෙක් රෝහලෙන් පනි

Covid 19 Pations missing sri lanka covid 19 patience
By Sithumi May 20, 2021 03:17 PM GMT
Sithumi

Sithumi

Report

නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙදෙනකු අද රාත්‍රි නාගොඩ රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි

මෙසේ පැනගොස් ඇත්තේ නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත 3 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයන් තිදෙනකු බව පැවසේ.

ඔවුන් රෝහලේ බැම්මට ඉහලින් ඇති දැල ඉවත්කර පැනගොස් ඇති බව සදහන් වේ. පැනගොස් ඇති කාන්තාවක හදුනාගෙන ඇති අතර , අනෙක් අයවලුන් කවුරුන්ද යන්න ලේඛන අනුව පරීක්ෂා කරමින් සිටින බවත්, රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බැවින් පැන ගිය අයවලුන් කවුරුන්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය . කොරෝනා සැකසහිත අයවලුන් සහ ආසාදිතයින් එකම වාට්ටුවේ රඳවා ඇති බැවින්, රෝගීන් අතර යම් නොසන්සුන්තාවයක්ද පවතින බව පැවසේ.