වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 13 ක් සොයාගනි.

sri lanka covid 19 Eldery home Thissamaharamaya
By Sithumi May 15, 2021 03:27 PM GMT
Sithumi

Sithumi

Report

තිස්සමහාරාම සඳගිරිගම ප්‍රදේශයේ 42 දෙනෙකු සිටින වැඩිහිටි නිවාසයෙන් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු දැනට හඳුනාගෙන තිබේ. තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රභාත් ලියනගේ මහතා සඳහන් කළේ,

"පහුගිය දිනවල මිනුවන්ගොඩින් ආපු පිරිසක් විසින් දානයක් පිරිනමලා තියෙනවා. ඊට පස්සේ තමයි ආසාදිතයින් බිහි වෙන්න පටන් ගත්තේ." යනුවෙනි.

මේ අතර පොළොන්නරුව, හිඟුරක්කොඩ, කුමාරගම, සිරිකෙත ප්‍රදේශයේ කොවිඩ් -19 පැතිරීම හේතුවෙන් මීට දෙසතියකට පෙර හුදකලා කර තිබුණි. කෙසේ වෙතත් එම ප්‍රදේශයේ ගොවීන් හුදකලා කර තිබෙන ප්‍රදේශයෙන් එපිට පිහිටි තම කුඹුරු ඉඩම්වල වගා කටයුතු කරගෙන යෑම සඳහා ඉඩ ලබාදෙන ලෙස අද ඉල්ලීමක් කර තිබුණි. එහිදී ඔවුන් සඳහන් කළේ,

"මීට වැඩිය ක්‍රමවේද රජය භාවිත කළ යුතුයි. අපිට විතරක් කන්න නෙමෙයි මේ ඉල්ලන්නේ. රටට බත දෙන්න." යනුවෙනි. 

මේඅතර සංචරණ සීමා පැවතුණද පිටකොටුව තොග වෙළඳසැළ් හෙට සිට යළි තොග වෙළෙඳාම සඳහා විවෘත කිරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (15) අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. අමාත්‍යවරයා පවසන්නේ ඒ අනුව සිල්ලර වෙළෙඳුන්ට තොග මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන බවය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now