ආසාදිත බව දැනගත් පසු සමහර පිරිස් ෆෝන් ඕෆ් කරගන්නවා - සෞඛ්‍ය අංශ

corona virus sri lanka Helth ministry
By Sithumi May 06, 2021 11:35 AM GMT
Report

කොවිඩ් අසාදිතයින් රෝහල්ගත කිරීම ප්‍රමාදවීමට ප්‍රධානතම හේතුව මහජනතාව සිය වගකීම නිසි අයුරින් ඉටු නොකිරීම බව කොවිඩ් -19 රෝග පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.  රූපවාහිණි වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. "මම ආසාදිතයෙක් නම් මට තියෙන්න ඕනේ මගේ දරුවන්, ඥාතීන්, අසල්වැසියන් ගැන ආදරයක්. එකම ප්‍රදේශයේ වුණත් 10 දෙනෙක් ආසාදිත වුණොත් ඒ අයව අරගෙන යන්න එකතු කරන්න කොච්චර වෙහෙසක් ගන්න වෙලා තියෙනවද කියලා දන්නවා ද?. ඒ වගකීම ජනතාව තුළින් එන්න ඕනේ. පොසිටිව් කියලා දැනගත්තාම ෆෝන් එක ඕෆ් කරනවා. 80%ක් එහෙම වෙලා තියෙනවා. ආසාදිත කෙනා එක්කො අපි හොයලා දෙන තැනට යන්න ඕනේ. නැත්නම් පරිස්සම් වෙන්න ඕනේ,"යනුවෙන් කොවිඩ්-19 රෝග පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන සම්බන්ධීකාරක සහ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුසි පෙරේරා මහත්මිය සඳහන් කළේ, "මේකෙ තියෙන භයානකකම තමයි ඉක්මණින්ම සෞඛ්‍ය අංශ සතු ධාරිතාව ඉක්මවා යෑමට තියෙන හැකියාව. අපි මේ වෙලාවෙ ඉන්නේ සංධිස්ථානයක. තැන් හොයන්න ප්‍රමාදයක් තියෙනවා. එහෙම ඉන්න වෙන්නේ රෝග ලක්ෂණ නැති අය. නමුත් ඒ අය ගෙදර අනික් අයට මේ ලෙඩේ පතුරුවන්න පුළුවන්.