තවත් ඇගලුම් කම්හලකින් කොවිඩ් ආසාදිතයන් හමුවේ.

Covix Garment norwood sri lanak covid 19
By Sithumi May 09, 2021 11:15 AM GMT
Sithumi

Sithumi

Report

මස්කෙලිය, නො(ර්)වුඩ් ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 100 දෙනෙක් අතරින් 9දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් හදිසියේ රෝගීවිම හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී එම ආසාදිතයින් හඳුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේය.

මේ හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් ඇතුළු ආශ්‍රිතයින් 280ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන තිබේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now