අතුරු වෛද්‍ය සේවා කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත්වීමේ සූදානමක

Sri lanka Vaccsine Covid 29
By Sithumi May 24, 2021 05:54 PM GMT
Report

කොරෝනා මර්දන රාජකාරීවල නිරතව සිටින පාර්ශව අතරින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ට පමණක් කොරෝනා මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සිය විරෝධය පළ කරනවා.

ඔවුන් චෝදනා කළේ අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින් සදහා එන්නත් ලබාදීම ආරම්භ කර ඇති බවයි.

සෞඛ්‍ය අංශවල පවුලේ සාමාජිකයින් සදහා එන්නත් ලබාදෙන ආකාරය පිළිබද පැහැදිලි කිරීමක් සිදු නොකළහොත් සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හෙට දිනයේ සිට කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත් වන බවයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පැවසුවේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now