ඉන්දියාවේ කොරෝනා විලාපය නේපාලයටත්

Covid 19 Sri lanka nepal Indea covid sri lanka
By Sithumi May 21, 2021 02:41 PM GMT
Sithumi

Sithumi

Report

 ඉන්දියාව මුහුණ පා ඇති කොරෝනා වසංගත තත්ත්වයට සමාන තත්ත්වයකට මේවනවිට නේපාලයත් මුහුණ දෙමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා. ඒ, නේපාලයෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පාලනය කර ගත නොහැකි අයුරින් ඉහළ යාම හේතුවෙන්.

ඒ හමුවේ කත්මණ්ඩු නුවර ඇතුළු නේපාලයේ පිහිටි රෝහල් රැසක් මේවනවිටත් ධාරිතාවය ඉක්මවා කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී පවතින බවයි විදෙස් වාර්තා පැවසුවේ. රෝහල් රැසකම මේවනවිට ඇඳන් හිගයක් හා විශාල වශයෙන් ඔක්සිජන් හිගයක් ඇති බව ද සඳහන්. නේපාලයේ රෝහල්වල එක් ඇඳක ආසාදිතයින් කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබන බව ද සඳහන්.

රට තුළ පවතින සෞඛ්‍ය පහසුකම් අභිභවා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් රෝහල්වල රථගාල්වල පවා කොරෝනා ආසාදිතයින් රඳවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්දියාව මෙන්ම නේපාලය ද මේවනවිට කොරෝනා මරණ ආදාහනය සම්බන්ධයෙන් ගැටළුවකට මුහුණ පා සිටිනවා.

ඒ, එරටින් දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ද අඛණ්ඩව ඉහළ යමින් ඇති පසුබමිකයි. පවතින තදබදය හේතුවෙන් නේපාලය තුළ කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු සමූහ වශයෙන් ආදාහනය කෙරෙන බව ද විදෙස් වාර්තා සඳහන් කළා. නේපාලයෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 497,000 ක් වාර්තා වනවා. මරණ සංඛ්‍යාව 6,024 ක්.