කොවිඩ් ආසාධිතයින් ගණන 135000 ඉක්මවයි.

Covid 19 Sri lanka covid 19 කොරෝනා
By Sithumi May 14, 2021 01:08 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 889ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 136685ක් ලෙසටයි.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1306ක් සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 110108ක් දක්වා ඉහළ ගියා.

මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 24796ක්. ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා මරණ 892ක් ද සිදුව තිබෙනවා.

මේ අතර එන්නත්කරණ වැඩසටහන්වලට අදාළව පළමු මාත්‍රාව පුද්ගලයන් 1154795 දෙනෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 243987ක්.