මෙරට කොරෝනාවෙන් මසකට අඩුම 600ක්.. මාස කිහිපයකින් දහස් ගණනක් මියෙනු ඇතැයි පුරෝකතන කෙරේ…

Sri lanka covid 19 Covid deaths Helth
By Sithumi May 14, 2021 10:55 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වසංගතය මෙරට තුල පැතිරීම වෙනස්වන බවක් පෙනෙන්නට නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ විධායක කමිටු සාමාජික ප‍්‍රසාද් කොලඹගේ මහතා පවසන්නේ පවතින තත්ත්වය මත මසකට රෝගීන් හයසීයක් පමණ මරණයට පත් වීමේ ලකුණු පෙනෙන්නට ඇති බවයි. 

වෛරසය  පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන එතරම් විශ්වාසයක් තැබිය නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය. සෞඛ්‍යය ධාරිතාව යනු ඇඳන් පමණක් නොවන බවද කී ඒ මහතා මේ මොහොතේ ඇඳන් දහදාහක් පමණක් නිපදවීම එතරම් ඵලක් නොවන බවද පැවසීය.

සෞඛ්‍ය පහසුකම් යනු ඇදන් පමණක් නොවන වෛද්‍යවරුන්, හෙදියන්, වෛද්‍ය උපකරණ, දැඩි සත්කාර ඒකක ආදී එකතුවක් යයිද ඔහු කීය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now