කොරෝනාවෙන් රට බේරාගන්න මහා දේව මෙහෙයක්..

By Sithumi May 10, 2021 11:54 AM GMT
Sithumi

Sithumi

Report

දිනෙන් දින උතුරු පලාතේ සීග්‍රෙයන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් උතුරේ ජනතාව බේරා දෙන ලෙස ඉල්ලා උතුරේ හින්දු ජනතාව විශේෂ දේව මෙහෙයන් පවත්වයි.

වව්නියාව , මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි හින්දු කෝවිල් රැසක මෙලෙස විශේෂ දේව මෙහෙයන් පවත්වමින් දේව කන්නලව් සිදුකරයි.

අදාල දේව මෙහෙයන් සඳහා පිරිස් සහභාගී නොවී පූජකවරුන් ඇතුලු කිහිප දෙනෙකු විසින් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් කොරෝනා වෛරසය තුරන් වී උතුරු පලාතේ මෙන්ම ශ්‍රීලංකාවෙන්ද තුරන් වේවා යන ප්‍රාර්ථනාවෙන් මෙලෙස දේව මෙහෙයන් පවත්වනු ලබයි.