එක් ප්‍රදේශයකින් ආසාදිතයින් 33ක්

Srilanka Covid daily kurunagala pations
By Sithumi Apr 16, 2021 11:19 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 ආසාදිතයින් 212 දෙනෙකු ඊයේ (15) දිනය තුළ හඳුනාගෙන තිබේ. ඉන් 45 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් ය. පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 153 දෙනෙකු ද ඒ අතර වේ. ඊට අමතරව බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 14 දෙනෙකු ද ඊයේ දිනයේ නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් 167 දෙනෙකු දිස්ත්‍රික්ක 13 කින් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 33 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 දෙදෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31 දෙනෙකු ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්ය. සෙසු ආසාදිතයින් 71 දෙනා දිස්ත්‍රික්ක 10 කින් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 95,949 දක්වා ඉහළගොස් තිබේ. ඉන් 92,308 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත. තවත් රෝගීන් 3,033 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය