කොවිඩ් මරණ 2500 ට ආසන්න වේ
sri lanka
Corona virus
covid deaths
By Sithumi
ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 2,349 දෙනෙකු හදුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 35,413 ක් දක්වා ඉහළ ගියා.
නව ආසාදිතයන්ගෙන් 2,327 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 22 කු ද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.
ඒ අනුව තවදුරටත් රෝගීන් 35,729 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව එක්ලක්ෂ 97,259 ක්.
එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට තහවුරු කරන ලද කොරෝනා මරණ 55 ක් වාර්තා කිරීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,500 සීමාවට ආසන්න වුණා.
එය දැක්වුණේ 2,480 ක් ලෙසයි.
මෙලෙස මියගිය අය අතර 32 කු පිරිමි පුද්ගලයින් වන අතර, කාන්තාවන් 23 දෙනෙකුද ඊට ඇතුළත්.
