වයස්ගතම මරණයත් සමග ගතවූ පැය 24 තුළ සිදු වූ කොවිඩ් මරණ සවිස්තරාත්මකව

sri lanka Corona virus Covid deaths
By Sithumi May 25, 2021 01:17 AM GMT
Sithumi

Sithumi

Report

තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබෙනවා.

ඒ සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1243 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එයින් ඊයේ දිනයේදී මරණ 05 ක් සහ මැයි 17 සිට මැයි 23වනදා දක්වා කාලයේදී කොවිඩ් ආසාදිත මරණ 28 ලෙස වාර්තා වී තිබෙනවා.   

මේ අතර මෙරට වයස්ගතම කොවිඩ් මරණය තහවුරු වී තිබෙනවා.

එලෙස මියගොස් තිබුණේ ගාල්ල, ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිව සිටි 104 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.

කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ඇය නිවසේදී මියගොස් ඇති බවයි රජයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.



GalleryGalleryGallery