කොවිඩ් තුන්වන රැල්ලෙන් මරණ 606ක්
කොවිඩ් තුන්වන රැල්ලෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ ගණන 606කි. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ 32ත් සමගය.
කොවිඩ් පළමු රැල්ලෙන් මරණ 13 ක් වාර්තා වන අතර දෙවන සහ තුන්වන රැල්ලෙන් මරණ 1,197 ක් වාර්තාවීමත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210කි.
මෙරට තුළ සිදුව ඇති සමස්ත කොවිඩ් -19 මරණවලින් මරණ 567ක් වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයින් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
ඒ අනුව වයස අවුරුදු 61 ත් 70 ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින් 321 දෙනෙකු, වයස අවුරුදු 51 ත් 60ත් අතර 171 දෙනෙකු කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මියගොස් තිබේ.
එමෙන්ම වයස අවුරුදු 41 ත් 50 ත් අතර 87 දෙනෙකු සහ වයස අවුරුදු 31 ත් 40 ත් අතර 34 දෙනෙකු ද මියගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර වයස අවුරුදු 10 ත් 30 ත් අතර 15 දෙනෙකු මෙන්ම වයස අවුරුදු 9 ට අඩු දෙදෙනෙකු ද කොවිඩ් හේතුවෙන් මියගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |