කොරෝනා වෛරසයට බියවී නිවසින් පිට නොගිය මවක් අධිරුධිර පීඩනයෙන් මියයයි
sri lanka
Covid death
covid virus
By Sithumi
කොරෝනා වෛරසය ආසාදනය වේ යැයි බියෙන් නිවසට වී සිටි මවක් අධික රුධිර පීඩනය හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
ඇය නිවුන් දරු උපතක් සදහා සූදානම්ව සිටියදීයි මෙලෙස මිය ගොස් ඇත්තේ. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා සහ කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් සඳහන් කළේ වෛරසයට බිය වී ප්‍රතිකාර ලබා ගැනීමකින් තොරව නිවෙස් වලට වී නොසිටින ලෙසයි.
මේ අතර ගර්භනී මව්වරුන් 160කට මේ වන විටත් කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා ප්‍රකාශ කළා.