දිස්ත්‍රික්කයකින් කොවිඩ් මරණ 7ක් වාර්තා වන අතර ඉන් තිදෙනෙක්ම නිවස තුළ මිය ගිය බව හෙළි වේ.

Covid karapitiya helth Covid news
By Sewvandhi May 07, 2021 09:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගින් සදහා වෙන්කොට ඇති වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගින් 04 දෙනෙකු මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

මේ අතර නිවෙස්වල මියගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකු මිය යාමෙන් පසුව කරණු ලැබු PCR පරික්ෂණවලදි ඔවුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව අද දින තහවුරුවි ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

රෝහලේ 25 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් හා පිරිමි අයෙකු මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනා හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් පදිංචිකරුවන් වන බවයි සඳහන් කලේ.

මොවුන් දෙදෙනා ම 65 හැවිරිදිවියේ පසුවන අය වනවා. මේ අතර 36 හා 46 වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගින් දෙදෙනෙකු මියගොස් ඇත. ඔවුන් 55 සහ 74 වැනි වයස් කාණ්ඩවල පසුවන අතර මින් එක් අයෙකු මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් අලපලාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනික් පුද්ගලයා ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් අගුළුගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුයේ.

මේ අතර නිවසේදි මියගිය ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් අගුළුගහ කබරගල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකට මිය යාමෙන් පසුව කරණු ලැබු PCR පරික්ෂණයේදී ඇයට ද කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. බ

ද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුද නිවෙස්වලදි මිය ගොස් ඇති අතර මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර්. පරික්ෂණවලදි ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

මෙවුන් දෙදෙනා වයස අවුරුදු 82ක් සහ 81ක් හැවිරිදි වියේ පසුවන සිට්‍රිස්වත්ත පොද්දල හා නාවල කෝකාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි තහවුරු වී ඇත්තේ. කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති මෙම පුද්ගලයින් 07 දෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ අද (07) කරාපිටිය හික්ෂණ රෝහලේදි සිදුකරණ බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.