කොවිඩ් මරණ 617ක් දක්වා ඉහළ ට

By Sithumi Apr 17, 2021 03:26 PM GMT
Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (17) තහවුරු කළේය. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 617කි. මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මේ අතර අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් 204 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පැවසුහ.