අද දින කොවිඩ් මරණ ගණන

health Death sri lanka Danger Covid19
By Sithumi Apr 15, 2021 02:25 PM GMT
Report

කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 4ක් අද (15) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ. ඒ අනුව, මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 608ක් දක්වා ඉහළගොස් ඇත.

එලෙස මරණයට පත්ව ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, කපුලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.