දිනකට කොරෝනා මරණ 200ක් – ශ්‍රී ලංකාවේ සිදු විය හැකි කොරෝනා මරණ ගණන ගැන ඇමරිකානු පුරෝකථනය මෙන්න

Covid 19 international Helth
By Sithumi May 10, 2021 02:55 PM GMT
Sithumi

Sithumi

Report

2021 සැප්තැම්බර් මස පළමු වන දා වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 20,000 ඉක්මවනු ඇතැයි ඇමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් වන Institute for Health Metrics and Evaluation (IHME) අනුමාන කර තිබේ.

ගෝලීය කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කරන එම ආයතනය පෙන්වා දෙන පරිදි, ජුනි මාසය මැද භාගය වන විට මෙරට වසංගත තත්ත්වය දරුණු අතට හැරීමට වැඩි ඉඩක් ඇති බවය. ඒ වන විට මෙරට දෛනික කොවිඩ් මරණ ගණන ද 200ක් පමණ දක්වා ඉහළ යා හැකි බව එම සමීක්ෂණ ආයතනය අනුමාන කරයි.

එමෙන් ම, ඔවුන් අනුමාන කරන්නේ ජූනි 14 වන දා වන විට දෛනික මරණ 264ක් පමණ වාර්තා විය හැකි බවත් එය දෛනික මරණ වාර්තා වීමේ උපරිම සංඛ්‍යාව විය හැකි බවත් ය. පසුව සැප්තැම්බර් මාසය වන විට එම තත්ත්වය ක්‍රමයෙන් අඩුව ගොස් දෛනික මරණ ගණන 88ක් දක්වා පහත වැටිය හැකි බව එම ආයතනය අනුමාන කරයි. තව ද මැයි මාසය අග වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසදිතයින්ගේ වැඩි වීමක් සිදු විය හැකි බව ද IHME සිය දත්ත අනුව පෙන්වා දෙයි.