ලොක්ඩවුන් කඩාගෙන වැසියෝ පාරට බසිති.. ආහාර ඉල්ලා විරෝධතා..

isolated covid 19 travel restrictions Helth Hatton sri lanka
By Sewvandhi May 12, 2021 12:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචරණ සිමා පනවා තිබු හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායේ වතු කම්කරුවන් සහනාදාර ඉල්ලා හැටන් ඩගයම ප්‍රධාන මාර්ගයේ එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව අසල (12) දින විරෝධතාවයක නිරතව සිටිහ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමු විම නිසා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් (03) දින සිට ඇන්ෆිල්ඩ් ග්‍රාමසේවා වසමට අයත් පොඩයිස් වතු යාය සංචරණ සිමා පැනවිමට කටයුතු කර තිබුණි. පනවා තිබු සංචරණ සිමා (12) දින උදැසන බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඉවත් කිරිමෙන් අනතුරුව තේ කර්මාන්ත ශාලාව අසලට පිවිසි එම වතු යායේ වතු කම්කරුවන් විරෝධතාවයක නිරත වෙමින් කියා සිටියේ තමන් දින ගණනාවක් වත්තේ වැඩට නොයා සිටි බවත්, තමන් මේ වන විට දැඩි ආර්ථික අපහසුතාවයෙන් සිටින නිසා තමන්ට රජය මගින් සහනාදාරයක් හෝ වියලි සලාක පාර්සලයක් ලබාදිමට කටයුතු කල යුතු බවයි.

විරෝධතාකරුවන් අතරට පැමිණි හැටන් පොලිසියේ නිලධාරින් විරෝධතාකරුවන් හමුවේ කියා සිටියේ වතු කම්කරුවන්ගේ ගැටළුව සම්බන්ධයෙන් අදාල බලධාරින් දැනුවත් කිරිමට පියවර ගන්නා බවත්, පනවා ඇති සෞඛ්‍ය උපදෙස් අනුව මෙවැනි විරෝධතා පැවැත්විමට කිසිවෙකුට නොහැකි බවයි. හැටන් පොලිසිය සිදු කල දැනුවත් කිරිම සමග විරෝධතාවය නතර කිරිමට වතු කම්කරුවන් පියවර ගැණින. 

අතර බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලය විසින් ඉකුත් (03) දින සිට හුදකලා කර තිබු ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවා වසමට අයත් හොන්සි නගරය , පුලියාවත්ත , බාත්පොඩ් යන කොටස් වල හුදකලාභාවය ඉවත් කර ඇති අතර,ඉන්ජස්ට්‍රි සහ බිලින්කිබොනි වතු යාය තවදුරටත් හුදකලා කර ඇති බවයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join Now