මනාළ යුවලකට කොවිඩ් - සමීපතමයන්ට් PCR පරීක්ශන

Covid bandarawela maried copoule
By Sithumi Apr 30, 2021 12:01 PM GMT
Sithumi

Sithumi

Report

බණ්ඩාරවෙල, ඇල්ල ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයක මනාල යුවළ ඇතුළු සමීපතම ඥාතීන් කොවිඩ් -19 ආසාදිතයින් ලෙසට තහවුරු වී තිබේ. බණ්ඩාරවෙල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් රාජපක්ෂ මහතා පවසා සිටියේ, ඒ අනුව එම විවාහ උත්සවයට සහභාගී වු පුද්ගලයින් දසදෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (29) දිනයේ දී සිදුකළ බවය. මේ අතර, එම ප්‍රදේශයේ මුල්‍ය ආයතන 5කට අධික ප්‍රමාණයක ආසාදිතයින් 30ක් පමණ වාර්තා වී ඇතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම පුත්තලම, කල්පිටිය, ආණමඩුව සහ හලාවත ප්‍රදේශවලින් අද (30) පෙරවරුව වන විට කොවිඩ් ආසාදීතයින් 32ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති. කල්පිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක්, හලාවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක්, පුත්තලම සහ ආණමඩුව ප්‍රදේශවලින් ආසාදිතයින් 10 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇත. මේ අතර ආණමඩුව නගරයේ පවත්වා ගෙන යන පුද්ගලික මූල්‍ය ආයතනයක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත. එම ආයතනයේ සේවය කරන සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට අනාවරණය වීම ඊට හේතුව වී ඇත. මේ අතර, හලාවත මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ. හලාවත මහ රෝහලේදී සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඒ බව තහවුරු වී ඇත. ආසාදිත වෛද්‍යවරයා බිංගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පැවසීය.