කොවිඩ් එන්නත නිසා සංකූලතා ඇති වුවහොත් දැනුම්දීමට දුරකථන අංකයක්

colombo covid 19 pavithra wanniarachchi hospietl telephone number
By Sewvandhi Apr 21, 2021 10:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් පසුව සංකූලතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳ දැනුම්දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය

. ඒ අනුව 011 3 415 985 යන දුරකථන අංකය ඔස්සේ ඒ පිළිබඳ දැනුම්දිය හැකි අතර ආසාත්මිකතා ඇති වන පුද්ගලයින් සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ විශේෂ ඒකකයක් ද ස්ථාපිතකර ඇති බව අමාත්‍යවරිය පවසන්නීය.

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ පැණයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියාය. ඔස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් අනතුරුව රුධිර කැටගැසූ අවස්ථාවන් 06ක් මෙරටින්ද වාර්තා වී ඇති අතර ඉන් තිදෙනකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.