ඉන්දියාවෙන් පැන ආ කාන්තාව සහ දරු දෙදෙනා අත්අඩංගුවට.

Covid Corona India porson arrested
By Aruna May 03, 2021 08:16 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවේ චෙන්නායි කුප්පම් හි සිට පසුගිය 30 වනදා නීතිවිරෝධීව මෙරටට පැමිණි කාන්තාව සහ දරු දෙදෙනා පුත්තලම පොලීසිය විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ කාන්තාව ආගමන විගමන නීතින් යටතේ අද දින පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඉන්දියාවේ චෙන්නායි කුප්පම්හි සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් කාන්තාවක් සිය දරු දෙදෙනා ද සමඟින් මෙරටට පැමිණ තිබුණේ පසුගිය 30 වැනිදා අලුයමයි.

අනතුරුව පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ඔවුන්ව පොලීසිය සහ සෞඛ්‍ය අංශ විසින් සොයාගනු ලැබීමෙන් පසු නිරෝධායනයට යොමු කෙරුණි.

පසුව අදාළ කාන්තාව සහ වයස අවුරුදු 13 ක් සහ 4 ක් වූ ඇගේ දරු දෙදෙනා ඊයේ (02) පී.සී.ආර්.පරීක්ෂණ සඳහා පුත්තලම මූලික රෝහල වෙත යොමු කෙරුණි.

කෙසේවෙතත් එම කාන්තාව අද පෙරවරුවේ පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන නීතින් උල්ලංඝනය කිරිමේ චෝදනාව යටතේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa