පැමිනෙන සියලු රෝගීන් භාරගත යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රෝහල්වලට නියෝගයක්

Covid 19 Sri lanka covid 19 sri lanka covid hospitals
By Sithumi May 22, 2021 01:41 PM GMT
Sithumi

Sithumi

Report

රෝහල් ගත වීම සඳහා පැමිණෙන ඕනෑම රෝගියෙකු බාර ගත යුතු යැයි සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ. 

නියෝජනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එය රෝහල් කාර්ය මණ්ඩලය සතු වගකීමක් බවයි. කොරෝනා ආසාදිතව නිවසේ රැඳී සිටින කිසියම් අයකුට ඕනෑම අපහසුතාවයක් ඇත්නම් රෝහල් ගත වීම අනිවාර්ය බවද ඔහු සඳහන් කළේය. 

රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් තමන් රැුදී සිටින තාවකාලික ස්ථානවල හෝ පදිංචිව සිටින ස්ථානවලම රැුදී සිටීම වඩාත් සුදුසු බවද පවසන ඔහු නිවෙස් වලට හෝ වෙනත් ස්ථිර පදිංචි ස්ථානවලට යාම රෝගය පැතිරවීමට අනුබල වනු ඇති බවත් ඔහු අවධාරනය කරයි