ඊයේ දිනයේ කොවිඩ් ව්‍යාප්තිය

Covid-19
By Thaya Apr 01, 2021 08:27 PM GMT
Thaya

Thaya

Report

දිවයිනේ දිස්ත්‍රික්ක 22කින් ඊයේ (31) කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගෙන තිබේ. කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 264 දෙනාගෙන් 20 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවය. සෙසු ආසාදිතයින් 244 දෙනා දිස්ත්‍රික්ක 22කින් හඳුනාගෙන ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 59 දෙනෙකු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 52ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ. මේ අතර ඊයේ මෙරට තුළ PCR පරික්ෂණ 7,835ක් සිදුකර ඇති බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ වන විට කොවිඩ් මර්දන එන්නත පුද්ගලයින් 919,753කට සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.