දිවුලපිටියෙන් කොරෝනා පොකුරක් මතුවෙයි.

Covid Corona Police Divulapitiya
By Aruna Apr 22, 2021 02:33 AM GMT
Aruna

Aruna

Report

ගම්පහ, දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

අදාළ පුද්ගලයින් පසුගිය දිනක අලුත්නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 162ක් පී.සී.ආර්.පරීක්ෂණයට ද භාජනය කර තිබේ.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වු අතර එයින් තුනක් ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණි.

ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙකු ද කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 57 කොළඹ උතුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු ද පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා ඇති අතර එහිදී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තවත් මරණ දෙකක් රත්නපුරයෙන් සහ සෙවනගල ප්‍රදේශයෙන් වාර්තා විය.