කොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..

Covid sri lanka deaths
By Sithumi May 03, 2021 11:20 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා ආසාදන වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු අාදාහනය නොමිලේ සිදුකිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි. ඒ අනුව පළාත් පාලන ආයතන වලට අයත් ආදානාගාර තුලින් නොමිලේ එම මල සිරුරු ආදාහනය කල හැකි බවද ඔහු පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීම අමතමිනි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now