කොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..

Covid sri lanka deaths
By Sithumi May 03, 2021 11:20 AM GMT
Report

කොරෝනා ආසාදන වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු අාදාහනය නොමිලේ සිදුකිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි. ඒ අනුව පළාත් පාලන ආයතන වලට අයත් ආදානාගාර තුලින් නොමිලේ එම මල සිරුරු ආදාහනය කල හැකි බවද ඔහු පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීම අමතමිනි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now