කොවිඩ් ආසාදිත 18 හැවිරිදි තරුණියක් මරුට... මේ සමග සියලු පාසල් වසා දමයි ද??..

Covid Corona School Covid death
By Aruna Apr 24, 2021 06:24 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) දිනයේ තහවුරු කර තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 638කි.

එලෙස මියගොස් ඇත්තේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි.

කොවිඩ් ආසාදිත 18 හැවිරිදි තරුණියක් මරුට... මේ සමග සියලු පාසල් වසා දමයි ද??.. | Covid Death School Closed

මේ අතර පාසැල් වසා දැමීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ මට්ටමක ඇති බව තමන් පිළිගන්නා බවත් එම තත්ත්වය මත දිවයිනේ සියලු පාසල් පැවැත්වීම පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

එළඹෙන සදුදා දිනයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර සති අන්තය තුල පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගන්නා බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Gallery