වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න.

Covid Corona Colombo Gampaha
By Aruna May 11, 2021 07:02 AM GMT
Report

 ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) දිනයේ දී වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති තිබේ.

ඒ ආසාදිතයින් 551 දෙනෙකු ලෙසය.

එම දිස්ත්‍රික්කයට අයත් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් නව ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

සීදුව , කටාන සහ මිනුවන්ගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් ද නව ආසාදිතයින් 172 දෙනෙකු හඳුනාගෙන තිබේ. කටානෙන් 58ක්, කිරිඳිවල 20ක්, මහර 18ක්, මීරිගම 19ක්, මිනුවන්ගොඩ 51ක්, මීගමුවේ 24ක්, පල්ලේවෙල 19ක් හා සීදුවේ 63ක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් -19 ආසාදිතයින් 321 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම දිස්ත්‍රික්කයට අයත් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් නව ආසාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

ඒ අතර කොළඹ නගර සීමාවෙන් ආසාදිතයින් 32ක්, අවිස්සාවේල්ලෙන් 18ක්, හෝමාගම 18ක්, කොට්ටාවේ 27ක්, මොරටුවේ 30ක්, පිළියන්දල 50ක් හා තලංගමින් 35ක් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න සහ පානදුර දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් නව ආසාදිතයින් 129 දෙනෙකු වාර්තා වීමත් සමග ඊයේ දිනයේ එම දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 362කි.

නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් ඊයේ නව ආසාදිතයින් 102 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ එම දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 184ක් ලෙස දැක්විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 177 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 170 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 128 දෙනෙකු, යාපනය දිස්ත්‍රික්කයෙන් 109 දෙනෙකු ලෙස දෛනික ආසාදිතයින් 100 ඉක්මවූ සංඛ්‍යවක් ඊයේ දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 08කින් වාර්තා වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now