තවත් පාර්ශ්වයක් එන්නත ඉල්ලා වර්ජනයකට සැරසෙයි

sri lanka Covid 19 covid vaccsine Stricke
By Sithumi May 25, 2021 02:32 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය දිනවල උග්‍ර කොවිඩ් ව්‍යාප්තියක් පෙන්වූ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ වැඩිහිටි නිවාස 11ක වැඩිහිටියන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම අද (25) සිදු වුණි. සෞඛ්‍ය බලධාරීන් එම වැඩිහිටි නිවාස වෙත ගොස් වැඩිහිටියන් 233 දෙනෙකුට එන්නත ලබාදීම සිදු කළේය.

මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය වෙත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමත් අද සිදුවිය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමට නොහැකි වූ රෝහල් කාර්යමණ්ඩලයේ 500 දෙනෙකුට මෙම එන්නත ලබා දුන් බවද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.

මේ අතර ඉහළ අවදානමක් සහිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමුඛතාව ලබානොදී වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබාදීම පිළිබඳ තවමත් බොහෝ පාර්ශ්ව සිය විරෝධය පළ කරමින් සිටී. මේ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මීට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බව නිවේදනය කළ ද එම තීරණය අවලංගු කළ බව පසුව පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තිය ක්‍රියාමාර්ගයකට නොගිය ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය සහ පාරිභෝගික සම්බන්ධීකාරක නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඔවුන්ට කොවිඩ් එන්නත ලබා නොදුනහොත් කඩිනමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවය