විශ්වවිද්‍යාලයකින් තවත් කොවිඩ් ආසාදිත සිසුන් පිරිසක්
covid19
univesity
moratuwa
engineering
infwctions
By Sewvandhi
මොරටුව විශ්ව විද්‍යාලයේ තවත් සිසුන් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
එහි ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යන අංශයේ අවසාන විභාගයට සහභාගි වු තවත් රෝගීන් අට දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.
මීට පෙර ද එම අංශයේ සිසුන් 6දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති අතර, මෙම ආසාදිතයින් 08දෙනා ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට එම අංශයෙන් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14 ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....