නගර කිහිපයකට පැමිණීමෙන් වලකින්නැයි ඉල්ලීමක්

TRINCO ANURADHAPURA TRAVEL RESTRICTION ANRADHA YAHAMPATH RUWANWELI MAHA SAAYA
By Sewvandhi Apr 23, 2021 10:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් -19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මාර්ග බාධක පනවමින් ජනතාව අත්‍යවශ්‍ය කාරණාවකට හැර සෙසු ගමන්බිමන්වල නිරතවීම වළක්වන්නැයි ද ආණ්ඩුකාරවරිය අද (23) පෙරවරුවේ ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

මේ අතර, ඉදිරි කාලය තුළ ත්‍රිකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නාය.

වන්දනා කටයුතු සඳහා අනුරාධපුර පුජා නගරයට පැමිණීමෙන් වළකින්නැයි රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් ඉල්ලීමක් කරයි.