ළමා ආසාදිතයන්ගේ වැඩි විමක්.. දිනකට ආසාදිත දරුවන් 5ක්

infections covid 19 quarantine deepal perera G.Wijesuriya
By Sewvandhi Jul 26, 2021 01:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන රෝගීන් අතරින් දිනකට කොවිඩ් ආසාදිත කුඩා ළමුන් 5කට අධික ප්‍රමාණයක් හඳුනා ගන්නා තත්ත්වයක් මේ වනවිට මතුවී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. එම දරුවන් සියලුදෙනා වයස අවුරුදු 14ට අඩු අය වීමට විශේෂත්වයකි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඒ බව පැවසීය.

"අපිට සාමාන්‍යයෙන් සති 2කට පෙර දිනකට එක් කොවිඩ් ආසාදිත රෝගියෙක් වගේ තමයි වාර්තා වුණේ. නමුත් දැන් දිනකට රෝගීන් 5කට අධික ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ වගේම මව්වරුනුත්. ඒ අනුව දිනකට 8ත් 10ත් අතර මව්වරුන් සහ දරුවන් ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස වාර්තා වෙනවා. මේ දරුවන් සියලුම දෙනා පිටතින් රෝහලට එදිනෙදා පැමිණෙන අය. ඒ දරුවන් අවුරුදු 14 වඩා අඩු අය. අද උදෑසනත් මාස 5ක දරුවෙක් ආසාදිත බවට අපි හඳුන ගත්තා. මේ තත්ත්වය එතරම්ම සුදුසු නෑ."

රටේ සංචරණ සීමා ක්‍රියාත්මක වූ සමයේ වැඩිහිටියන් මෙන්ම දරුවන් ද ආසාදනය වීමේ යම් කිසි අඩුවක් දක්නට ලැබුණු බවත් සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව එම සීමා පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව පොදු ජනතාව කටයුතු කිරීම බරපතල තත්ත්වයක් බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව ඔහු අවධාරණය කරන්නේ මෙම ව්‍යසනයෙන් රටක් ලෙස නිදහස් වීමට නම් පොදු ජනතාව වඩාත් වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවයි. මෙලෙස සංචරණ සීමා පිළිබඳ උනන්දුවකින් කටයුතු නොකරන්නේ නම් නැවතත් සංචරණ සීමා පැනවීමේ අවදානමකට රට මුහුණ දෙන බවත් විශේෂඥ වෛද්‍ය පී විජේසූරිය පවසනවා.

පෙනහලු ආබාධ,ස්වසන ආබාධ,උපතින්ම ඇති වූ හෘද රෝග ආබාධ,වකුගඩු ආබාධ සහිත දරුවන් මෙම රෝගයේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව අඩුවීම හේතුවෙන් මෙම රෝගය ඔවුන්ට මාරාන්තික වීමට ඇති ඉඩ ඉඩකඩ වැඩි වීම නිසා බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

පසුගිය කාලයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගිය දරුවන් දස දෙනාම මේ ආකාරයේ යම් යම් අතුරු රෝගාබාධ තිබූ දරුවන් බව ඔහු පවසනවා. එමෙන්ම කොවිඩ් රෝගය වැළඳුණු දරුවන්ට බහු ඉන්ද්‍රීය ආසාදනය වීමේ රෝගය වැලළඳීමේ අවදානම ඇති බවත්,දරුවාට කොවිඩ් රෝග ලක්ෂණ සමග සති දෙකක් ඇතුළත සම රත්පැහැ ගැන්වීම බඩේ කැක්කුම හිස රුදාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාග ගත යුතු බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now