ග්‍රාම නිලධාරී වසම් 4ක කොවිඩ් ආසාදිතයින් ඉහළට
පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ ගොරකපිටිය, නාම්පමුණුව, පැලැන්වත්ත බටහිර, සහ ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම්වල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
මේ අතර, පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ පසුගියදා සිදුකළ PCR පරීක්ෂණ 610ක් අතුරින් රෝගීන් 122ක් හඳුනාගැනුණු අතර ඔවුන් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව පිළීයන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසුවේය. ඔහු පැවසුවේ එකම පවුල්වල සාමාජිකයින් තුළ වෛරසය පැතිරීම වැඩිවී ඇති බවය.
"450කට අධික පිරිසක් නිවෙස්වල නිරෝධායනයට යොමුකරලා තිබෙනවා".
මේ අතර අඛණ්ඩව තෙවන දිනටත් මෙරට දෛනික ආසාදිතයන් දහස ඉක්මවමින් කොවිඩ් ආසාදිතයින් 1,531 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ. එසේම මේ දක්වා මෙරටින් හමුවූ වැඩිම දෛනික ආසාදිතයින් ගණන ද එය වේ.
දෛනික ආසාදිතයින් 1,500 ඉක්මවා වාර්තා වුයේ ද පළමුවරටය. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 533 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර කොළඹින් ආසාදිතයින් 500 ඉක්මවා හඳුනාගැනුණේ ද පළමුවරටය.
ගම්පහින් 145ක්, කළුතරින් 145ක්, කුරුණෑගලින් 107ක්, මහනුවරින් 85ක්, ගාල්ලෙන් 84ක් හා තවත් දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයින් 392 දෙනෙකු වාර්තා විය.
මේ අතර, බුත්තල නගරයේ සිට පැල්වත්ත මංසන්ධිය දක්වා සියලු වෙළෙඳසැල් අද (30) සිට දින 03ක කාලයකට වසාදැමීමට බුත්තල ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ. ඒ, මේ වනවිට බුත්තල නගරයෙන් ආසාදිතයින් 62ක් වාර්තාවීමත් සමගය.
පාදුක්ක නගරය ආශ්‍රිත පුද්ගලයින් 68 දෙනෙකුට සිදුකරන ලද PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....