කොරෝනා මහ පොකුරක් නිවසින් එළියට යෑම තහනම් කෙරේ

covid 19 quarantine travel restriction mulathiw pudhukudirappu
By Sewvandhi May 20, 2021 01:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝණා පොකුරක් නිර්මාණය වී ඇති බවටත් මේ වන විට එම ප්‍රමාණය 266 ක් දක්වා වර්ධනය වී ඇති බවට මුලතිව් සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

පුදුකුඩිඉරිප්පු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ දහසකට අධික සේවක පිරිසක් සේවය කරන අතර පසුගියදා එහි සේවකයින් කිහිප දෙනෙකුට ඇතිවූ ආසාද්‍ය තත්වයන් හේතුවෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයන් වලදී සේවකයින් 131 දෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

පසුව සෙසු සියලුම සේවකයින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කරවීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ලැබී ඇති පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවලට අනුව ආසාදිතයින් 266ක් හඳුනාගෙන ඇති බවටත් තවත් පී.සී.ආර්. පරික්ෂණ වාර්ථා ඉදිරියේදී ලැබීමට නියමිත බැවින් ආසාදිත ප්‍රමාණය ඉහල යා හැකි බවටද සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටියහ.

අදාල ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් මේ වන විට නිවෙස්වලම නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති අතර අදාල ආසාදිත පිරිස් ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනාගැනීමේ කටයුතුද මේ වන විට ක්‍රියාත්මක බවටද මුලතිව් සෞක්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now