මාවනැල්ලෙනුත් කොවිඩ් පොකුරක්
covid19
kegall
mavanalla
higula
aluthnuwara
By Sewvandhi
මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ නිරෝධායනයට ලක්කර සිටි 90 දෙනෙකු අතුරින් 43 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
පසුගියදා එම ප්‍රදේශය අවටින් ආසාදිතයින් 12 දෙනෙකු හමුවීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට ලක්කර පසුව ඔවුන්ගෙන් 90 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර තිබුණි.
එම අසාදිත පුද්ගලයන් හිඟුල, අළුත්නුවර, මොලිගමුව හා මාවනැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසවල පදිංචිකරුවන්ය.
කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙම ආසාදිත පුද්ගලයන් ඇසුරුකර ඇති තවත් පුද්ගලයින් සිටීද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම් සිදුකරන බවය.