තවත් පොලිස් ස්ථානයකට කොරෝනා ප්‍රහාරයක්
ඉපලෝගම පොලිස් ස්ථානයේ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 15 දෙනෙකු පමණ වාර්තා වීමත් සමඟ එම පොලිස් ස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා වෙනත් නිලධාරීන් පිරිසක් යොදවා තිබෙනවා.
පොලීසිය සදහන් කළේ මේ වන විට කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන්ගේ ආශ්‍රිතයින් 60 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි.
පවතින කොරෝනා තත්ත්වයට අනුව අදාළ පොලිස් ස්ථානය පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුවයි ඊට වෙනත් කණ්ඩායමක් යොදවා එහි කටයුතු ආරම්භ කර ඇත්තේ.
අද (20) උදෑසන වන විට මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 3,623ක් හඳුනාගෙන තිබේ. ඉන් පුද්ගලයින් 32ක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින් වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඉතිරි පුද්ගලයින් 3,591 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 761ක් ලෙසය.
මීට අමරතව කළුතරින් 493ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 275ක් ලෙස ආසාදිතයින් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම නව ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |