කර්මාන්තශාලාවලිනුත් ආසාදිතයින්

COVID 19 INFECTIONS MORAGAHA HEENA P.M.BANDARA LAKSHAPANA MIDHDHENIYA
By Sewvandhi Apr 28, 2021 02:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 ලංකාවේ ප්‍රදේශ කිහිපයක කර්මාන්තශාලාවලින් කොවිඩ් ආසාදිත රෝගීන් හමුවූ බව සෞඛ්‍ය අංශ පවසති.

මොරගහහේන ප්‍රදේශයේ 50 දෙනෙකු පමණ සේවය කරන කර්මාන්තශාලාවක සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50කින් 17 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

එම නිසා ආශ්‍රිත පවුල් 50ක් පමණ නිරෝධායනයට යොමු කර ඇත. මොරගහහේන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. එම්. බණ්ඩාර මහතා ඒ බව පැවසීය.

මේ අතර ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයේ සේවකයින් 5 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඊට අමතරව ඒ අවට පිහිටි ගම්මානයක් වන වක්ගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 14ක් සහ 6 කණුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 6 දෙනෙකු ද හඳුනාගෙන ඇත.

එමෙන්ම මිද්දෙණිය තෝරකොළයාය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 12 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබේ. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi