ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය මෙරටින් හමුවේ
colombo
sri lanka
indian
variety
By Sewvandhi
ඉන්දියාවේ පැතිර ඇති කොවිඩ් ප්‍රභේදය (B.1.617) කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගෙන් හඳුනාගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙකු බවට හඳුනාගත් පුද්ගලයෙකුගේ ජෛව සාම්පලයකින් ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවූ බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වෛරස් ප්‍රභේදය B.1.617 ලෙස හඳුන්වන බවය.
ඔහු තවදුරටත් පැවසුවේ එම වෛරස් ප්‍රභේදය මෙරටින් හඳුනාගත් පළමු අවස්ථාව එය බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....