කොවිඩ් ආසාදිත මරණ අදත් ඉහළ අගයක
covid19
infections
deaths
vaccination
oxygen
By Sewvandhi
තවත් කොවිඩ් මරණ 63 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (27) දින තහවුරු කර ඇති එම මරණ ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,258ක් දක්වා ඉහළගොස් ඇත.
පිරිමි පුද්ගලයන් 35ක් සහ කාන්තාවන් 28ක් මෙම මියගිය පිරිස අතර වනවා.
මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් වනවා.
අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 5ක් සහ කාන්තාවන් 6ක්, අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 30ක් සහ කාන්තාවන් 21ක් මියගිය පිරිසට අයත්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |