අද දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාධිත මරණ ගණන

covid19 isolated infections deaths quarantine
By Sewvandhi Jul 07, 2021 01:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 මෙරටින් තවත් කොරෝනා මරණ 38 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 3351 දක්වා ඉහළ ගොස් තිබේ.  

පිරිමි පුද්ගලයන් 21ක් සහ කාන්තාවන් 17ක් ඊට අයත්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3351ක් ලෙසටයි.

මෙම මරණ අතර අවුරුදු 30ට අඩු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වනවා.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 5ක් සහ කාන්තාවන් දෙදෙනෙකු ද මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩවල පිරිමි පුද්ගලයන් 15ක් සහ කාන්තාවන් 14ක් ද අද වාර්තා කළ මරණ 38 අතර අතර වනවා.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now