මැයි මස පළමු සතිය තුළ ම කොරොනා ජීවිත 86ක් බිලිගනී
මැයි මස පළමු දින 07 ඇතුළත කොවිඩ් ආසාදිත මරණ 86ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
මෙලෙස මියගිය අයගෙන් 71 දෙනෙකුගේම මරණයට හේතුව ලෙස සඳහන්ව ඇත්තේ කොවිඩ් නිව්මෝනියා රෝග තත්ත්වයයි.
මෙය පළමු කොරෝනා රැල්ලේ සහ දෙවැනි කොරෝනා රැල්ලේ මරණ හා සංසන්දනය කරන විට අතිශය බරපතළ තත්ත්වයක්.
කෝවිඩ් පළමු රැල්ලේ සහ දෙවෙනි රැල්ලේ දී සිදුවූ බොහෝමයක් මරණවලට හේතුව ලෙස දැක්වුණේ නිධන්ගත රෝග සමඟ ඔවුන්ට මතු වූ සංකූලතා උත්සන්න වීම හේතුවෙන් එම මරණ සිදු වී ඇති බවටයි.
මේ අතර ඊයේ (07) දිනයේ දී මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වුණා. එලෙස වාර්තා වූ මරණ සංඛ්‍යාව 19 ක්.
එ අතුරෙන් මියගිය 14 දෙනෙකුගේ ම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ද කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.
ඊට අමතරව ස්වසන අපහසුතා සින්ඩ්‍රෝමය හේතුවෙන් සිදු වූ මරණ කිහිපයක්ද මෙම මරණ 19 අතරට අයත්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....